2016 සැප්තැම්බර් 21 වන බදාදා

මැතිසබයේ කැළඹිලි රෝගබිය අනතුරු - ගිනි අනතුරු

 2016 සැප්තැම්බර් 21 වන බදාදා, පෙ.ව. 12:00 96

 

 

2016 සැප්තැම්බර් 18 වන රවි දින, එනම් අද දින උදේ 7 පසුවී විනාඩි 43ට ග්‍රහලොව සෙන්පති වූ අඟහරැ ධනු රාශියට පිවිස කේතුට අයත් මූල නැකතේ සම්පූර්ණවත් සිකුරැට අයත් පුවසල නැකතේ සම්පූර්ණවත් රවිට අයත් උත්‍රසල නැකතේ ප්‍රථම පාදයෙන්ද ගමන් කිරීම අරඹයි. 2016 නොවැම්බර් මස 01 වන කුජ දින පාන්දර අට පසුවී විනාඩි 39 දක්වාම ධනු රාශියෙන් මෙසේ අඟහරැ ගමන් කරනු ඇත.

 

අඟහරැ ධනු රාශිගතවීම තුළින් අප රටට ඇති වන්නාවූ බලපෑම පිළිබඳව විමසා බැලීමේදී නාවික හමුදාව වෙනුවෙන් හෝ රටේ ආරක්ෂක කටයුතු සඳහා අධික වියදම් දැරීමට රජයට සිදුවේ. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින් අතර කැළඹිලි ගතිවාද විවාද වැඩි වන්නා වූ වකවානුවක් වන අතර මහජන නියෝජිතයකුට ඉතා අශුභ වකවානුවක්ද වෙයි. ඔවුන්ට මාරක අපල ඇතිවීමටද ඉඩ තිබේ. නාට්‍ය ශාලා විනෝද ස්ථාන ආශ්‍රිතව අනතුරැ වාර්තා වන අතර පාසල් ආශ්‍රිතව අශුභ වූ සිදුවීම් ද වාර්තා වනු ඇත. උණ රෝග පිළිබඳ අවදානමක්ද උද්ගතවේ. 
විදේශීය වශයෙන් විමසා බැලීමේදී මහජනයා රුස්වන ස්ථාන ගිනි ගැනීමට ලක්වීමක් වාර්තා වනු ඇත. දුම්රිය අනතුරක්ද වාර්තා වනු ඇත. ආගම් භේදයක් දුරදිග යනු ඇත. ගංගා මුහුදු ආශ්‍රිතව ගමන් කරන යාත්‍රා අනතුරට පත්වීමක් වාර්තාවේ. අප්‍රිකානු රටවල්, අරාබියාව, පෘතුගාලය, ස්පාඤ්ඤය, මැඩගස්කරය, ඊජිප්තුව, බැල්ජීයම, ඇමරිකාව, ඇල්ජීරියාව, නිබියාව, සහරාව, ඉතාලිය, ඕස්ට්‍රේලියාව ආශ්‍රිතව ආශුභ සිදුවීම් වාර්තාවන අතර භූ චලනද ඇතිවීමට ඉඩ ඇත.
මේෂ - විරැද්ධ ලිංගිකයන් කෙරේ සිත් ඇදීයනු ඇත. කෙටි ගමන් අධික වනු ඇත. උරැම දේපලක් ලැබිය යුතු අයකු නම් හිමිවන වකවානුවක්වේ.
වෘෂභ - තම සහකරැට හෝ සහකාරියට අශුභ ඵල උදාවන කාලයක් වේ. මිතුරන් නිසා ගැටලු ඇතිවනු ඇත. හදිසි ශරීර පීඩා වලට ලක්වේ.
මිථුන - අනවශ්‍ය ලෙස තැන්පත් ධනය වියදම් වේ. මුදල් යොදා කටයුතු කරන අයට මෙන්ම ව්‍යාපාරිකයන්ට ලාබ ඇතිවනු ඇත. තම අයිතිය ගැනීමට උත්සහ දරනු ඇත. 
කටක - තමන්ට එරෙහිව පවතින්නාවූ සතුරැ බලවේග පරාජය කිරීමට හැකියාව ලැබෙනු ඇත. තමන් කරන්නාවූ රුකියාවේ වෙනසක් බලාපොරොත්තු වූ අයගේ අරමුණු ඉටුවනු ඇත. අනවශ්‍ය දේ සඳහා තම අත ඇති මුදල් වියදම් වේ.
සිංහ -  විරැද්ධ ලිංගිකයන් කෙරේ සිත් ඇදීයනු ඇත. හදිසි කේන්ති ගති ඇති වේ. බුද්ධියෙන් යුක්තව කටයුතු කරයි. මිතුරන්ගෙන් ප්‍රශ්න ඇතිවනු ඇත. රථවාහන ආශ්‍රිතව කටයුතු කරන අයට යහපත්ය.
කන්‍යා -  උරැම හිමිකම් බලාපොරොත්තුවෙන් සිටි අයට එම හිමිකම් ලබා ගැනීමට තවදුරටත් ප්‍රමාද වනු ඇත. හදිසි කේන්ති ගති ඇති වන අතර ආරක්ෂක අංශයේ රුකියාවල නිරත අයට යහපත් වකවානුවකි.
තුලා - සතුරැ බලවේගවලට එරෙහිව කටයුතු කරනු ඇත. නව රුකියා බලාපොරොත්තුවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටුවනු ඇත. විවිධ වූ නිර්මාණ කිරීමට හැකි වකවානුවක් වේ. යම් යම් කටයුතු සඳහා නොබියව ඉදිරිපත් වනු ඇත. 
වෘෂ්චික - තමා සතු දේ රුකගෙන කටයුතු කිරීමට පෙළඹෙන වකවානුවක් වේ. මිතුරන්ගෙන් ප්‍රශ්න ඇතිවනු ඇත. විරැද්ධ ලිංගිකයන් කෙරේ සිත් ඇදි යයි. සතුටින් කාලය ගත කිරීමට හැකියාව ලැබේ. 
ධනු - නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැක. තරමක් තමා ගැන සිතා කටයුතු කරනු ඇත. තමා ළගින් සිටි අයගෙන්ම තමාට කරදර ඇතිවේ. හිදිසි කේන්ති ගති ඇතිවනු ඇත. 
මකර - සතුරැ කරදර මතුවන අතර තමාට එරෙහි බලවේග ක්‍රියාත්මක වන්නාවුත් වකවානුවක්වේ. නීතිමය ගැටලු මතුවනු ඇත. යම් යම් කටයුතු සඳහා නොබියම ඉදිරිපත් වේ. හවුල් කටයුතු වලින් ඵල අත්නොවන කාලයකින. 
කුම්භ - නිතර සතුටින් කාලය ගත කිරීමට උත්සුක වන කාලයකි. විරැද්ධ ලිංගිකයන්ගේ ආකර්ශනයට ලක් වනු ඇත. භූමි ආශ්‍රිතව කටයුතු කරන අයට ශුභඵල අත්වේ. 
මීන - තම මතයට අනුව කටයුතු කරනු ඇත. තමන් කරන්නාවූ රුකියාවෙන් උසස් වීම් බලාපොරොත්තු වූයේ නම් හෝ නව රුකියාවක් බලාපොරොත්තු වූයේ නම් තම බලාපොරොත්තු ඉටුවනු ඇත.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර් යේෂනායතනය
ඔලබොඩුව, ගෝනපල

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00